Posts

වීදුරු බෝල තුනේ අභිරහස by Keti Kathankdara

Image
වීදුරු බෝල තුනේ අභිරහස සු ගීෂ පොඩි කාලෙ ඉදන්ම දෙමවුපියන්ට කීකරුව හැදුන පුතෙක් පින්බර පුතෙක්. සුගීෂ පාසලට බාර දෙන්න නියමිත කාලෙ එද්දී තාත්ත සුගීෂ ලඟට ඇවිත් මෙහෙම කිව්වා, "මගෙ පුතා හෙට ඉදන් ඉස්කෝලෙ යන්න ඕනෑ. අම්මයි තාත්තයි නැතිව teachersල, යාලුවො එක්ක ඉන්න ඕනෑ. ගිහින් හොද ළමයෙක් වගේ ඉගනගන්න ඕනෑ. ඉතින් මගෙ පුතා ඉස්කෝලෙ යනවට මම පුතාට මොනවත් අරන් දෙන්න ඕනෑද?" "මට ඕනෑ වීදුරු බෝල තුනක්" තාත්තත් ඉතින් පුතාට වීදුරු බෝල තුනක් අරන් දුන්නා. සුගීෂ ඉස්කෝලෙ ගියා. ගුරුවරුන්ට කීකරුව හොදින් ඉගනගත්තා. හැම term test එකකම section එකේ වැඩිම ලකුණු තිබ්බෙ සුගීෂට. මේ හැම වෙලාවකම තාත්තා සුගීෂව දිරි ගන්වන්න සුගීෂට ඕන තෑගි බෝග මොනවද කියල ඇහුවා, "මට ඕන වීදුරු බෝල තුනක්".මේ හැම වෙලාවකම සුගීෂගෙ උත්තරය උනේ ඒක. සුගීෂ නිවාඩු පාඩු වෙලාවට ජිල් බෝල ගහනව ඇති කියල හිතපු තාත්තත් සුගීෂගේ ඉල්ලිම් ඒ ආකාරයෙන්ම ඉ‍ටු කලා. මෙහෙම ගියපු සුගීෂ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 අරගෙන පලාතෙන්ම පලවැනිය වෙලා සමත් වුනා. තාත්තට හරි සතු‍ටුයි. පුතාට මොනවද ඕන කියල තාත්ත ආයෙත් විමසුවා "තාත්තෙ මට වීදුරු බෝල